පන්හිද

නොදුටු ලොව දකින්නට…….

කන්නෙලිය වන පියසේ සොදුරුතම මොහොතක්……

ඔන්න මම ඉතින් කිව්වනේ අපි කලින් ගියපු ට්‍රිප් එක ගැන. ගියේ ගාල්ලේ. එකේ දෙවනි කැල්ල කියන්න තමා මේ යන්නේ. මගේ මේ ලිපියට අදාල වන තැන තමා කන්නෙලිය වන සංරක්ෂිතය(Kanneliya Man and Biosphere Reserve). සුන්දර වන පියසක අපුර්වතම අත්දැකීම විද ගන්න මෙම ස්ථානය ඔබට මනා තෝතැන්නක්. විසල් තුරු ලතාවන්ගෙන් මෙන්ම නෙතට කලාතුරකින් දැකිය හැකි සතුන්ගේ අභය භූමියක් ලෙසද මෙය හැදින්වීමට පුලුවන්. ඔබ පරිසරයට සංවේදී මිනිසෙකු නම් මෙම ස්ථානය ඔබට ඔබගේ සිතුවිලි නිදහසේ මනසින් විදීමට කදිම තැනක්.ගාලු පුරවරයේ සිට පැය 1 1/2 පමන දුරකින් යුතුව පිහිටා ඇති මෙම වන පියස පරසර හිතකාමීන් සදහා විවෘත පෙදෙසක්. මෙහි සිරිය විදීමට ඔබට පහසුකම් කිහිපයක් වනසංරක්ෂන දෙපාර්තමේන්තුව විසින් සපයා දී තිබෙනවා.

Read more »

September 3, 2009 Posted by panhida | අපේ දේ, පරිසරය | | 9 Comments