පන්හිද

නොදුටු ලොව දකින්නට…….

මගේ දඩුමොණරය…..

අපේ හුග දෙනෙක් කැමතිනේ පයින් යනවට වඩා රෝද 2 ක් උඩ නැත්නම් රෝද 4 උඩ යන්න :) ඉතින් මටත් ඔය වගේම ආශාවක් තිබුනා රෝද 2 කේ වාහනයක් ගන්න. ඔය ආශාව මට ආවේ අමුතුම විදිහකට. දැනට මීට අවුරුද්දකට කිට්ටුව මම ජීවිතයේ මංගල වාහන අනතුරට මුහුන පෑවා. ඒදා පෙට්ටියකින් යන් නැතුව අනූනවයෙන් බේරුනේ :roll:  යාලුවෙක් එක්ක පාන්දර 2.00 ට විතර බයික් එකක එන කොට තමා මේ අනතුරට මුහුන පෑවේ. බයික් එක අරගෙන ගියේ මගේ යාලුවෙක්. ගමන පිටත් වෙලා විනාඩි 5 ක් වත් ගියේ නෑ….වැලමිට වංගුවක් ගන්න යද්දි යාලුවාට නිද්ද ගිහිල්ලා…බයික් එකක් කෙලින්ම යනවා. මම කෑගැහුවා…ගතවුනේ තත්පර කීපයක්…පාරේ අයිනේ තීබුනු බෝක්කු කණුවක වැදී බයික් එක සමග අපි දෙන්නම පාරේ වැටුනා. මට මතක පාරේ වට කීපයක් රෝල් වෙනවා විතරයි.

යාලුවාට උඩින් ගිහින් තමා මම වැටිලා තියෙන්නේ. කොහොම හරි ඒ වෙලාවේ නැගිටලා බයික් එකත් පාරෙන් අයින් කරා. ලොකු අවුලක් අපි දෙන්නට නෑ .කකුල, අත හීරිලා ලේ එනවා. .යාලුවාගේ හක්කෙන් ලේ එනවා. වැඩේ කියන්නේ බයික් එකත් වෙන යාලුවෙක් ගේ. එදා තමා අපේ ජූනියර් බැජ් එකේ welcome එක තිබුනේ. හොටෙල් එකේ ඉදලා බෝඩිමට යන්න යාලුවාගේ බයික් එක අරගෙන ආවා. බයික් එක Bajaj-Discover 135 එකක්. දැන් ඉතින් මළකෙලියයි. යාලුවාටහ් කියන්න එපාය. මොනව කරන්නද. කෝල් එකක් අරගෙන සිද්ධිය කිව්වා. කොහම හරි යාලුවා ඇවිල්ල ඉන්ෂුවරස් එකට කතා කරලා එතන වැඩේ ඉවර කරා. අනිත් යාලුවා වෙන කෙනෙක් එක්ක ඉස්පිරිතාලෙට ගිහිල්ලා ඇඩ්මිට් උනා. වෙලාවට බයික් එක ෆුල් ඉන්සුවරන්ස් කරලා තිබුනේ. නැත්නම් නැති මගුලක් වෙන්නේ.

කොහොම හරි යාලුවාගෙන් හොද බැනුම් ටිකක් අහගත්තා :lol:  වෙන දවසක දවල් එතැනින් යද්දි තමා වැඩේ බරපතලකම තේරුනේ. පාරේ තිබුන බෝක්කු කණුවක් ගැලවිලා ගිහිල්ලා එහා පැත්තේ තිබුනා ඇළට වැටිලා තිබුනා. ඒ කණුව නොතිබෙන්න අපි දෙන්නම අද කොහේ ඉදියිද කියන්න බෑ. කොහෙමෙන් කොහොම හරි මම මාසයක් යනකන් කකුල නොන්ඩි ගගහා දවස් 2 කෙන් 2 කට බෙහෙත් දාමින් හොද කට්ටක් කෑවා.

හැබයි මට බයික් එකක් ගන්න සිතුවිල්ල පහල උනේ ඊට පස්සේ. මේක මාර වැඩක්. නුලෙන් ජීවිතේ බේර ගෙන ,ආය මැරෙන්න හදනවා කියලා ඔයගොල්ලන්ට හිතෙයි. ඒ වුනාට මගේ ඒ අශාව එන්න එන්න වැඩි උනා. කොහොම හරි මගේ බිස්නස් වැඩකුත් හරිගියා :)  ඊට පස්සේ තමා වැඩේ.  ගෙදරට කියන එක. ෂේප් එකේ ඒ වැඩෙත් ගොඩ දාගත්තා. හොදම වැඩේ කියන්නේ මාත් එක්ක බයික් අනතුරට මූහුන පාපු මගේ යාලුවත් මට කලින්ම බයික් එකක් අරගෙන. ඒත් Bajaj-Discovr 135 එකක්. හැබයි මම ගත්තේ Hero Honda Splendor NXG බයික් එකක්.

මොකටද ඔය ලොකු ලොකු බයික් අරගෙන. ඔව්ව ගත්ත වගේ නෙවියිනේ. ඔය වාහන වතුරෙන් දුවනව කියලය. ඒ හින්දා 100CC හොදයි. මීට කලින් මට Honda 250 trail එකක් set උනා. Trail කියන්නෙත් උණක්නේ. වැඩේ කියන්නේ ඒකේ වැඩ කරන්නේ ලීටරේට කිලෝමීටර 5 විතර. තෙල් ගහන්න ගාන හොයාගන්න්න මට රස්සවක් කරන්න වෙනවා ඒක ගත්තොත්. ඒ හින්දා ඉන්ධන අරපිරිමැස්ම තියෙන ඉන්දියන් බයික් එකකට මම ගියා. සාමාන්‍යයෙන් ඉන්දියන් බයික් ගත්තහම Bajaj,Tvs වලට වඩා Hero Honda තමා හොදයි කියන්නේ. Bajaj,Tvs බයික් වලට වඩා Hero Honda බයික් එකේ ගමන පහසුයි. පැවැත්මත් හොදයි.

අනෙක් වර්ග වල 100CCබයික් වලට වඩා මෙහි ජවය,ක්‍රියාකාරිත්වය අතින් ඉදිරියෙන් ඉන්නවා. ඔය පින්තූර ටිකක් දාලා තියෙන්නේ මගේ බයික් එක.

ඉතින් 100CC ගත්තහම මේවගේ Self-start එහෙම නෑනේ. වෙලාවට ඒ දවස් වෙද්දි Speldor NXG එකේ Self-start model එක ඇවිල්ලා තිබුනා. ඉතින් බයික් එකෙත් පොඩි ගතියක් තියනවා. හැබයි මේ බයික් එකේ ගතිය හුගක් තියෙන්නේ කලු පාට model එකේ තමා. මේ බයික් එකේ විස්තර පල්ලෙහා තියෙනවා.

Bike Specification
Technical Specifications
Make Hero Honda
Model Hero Honda Splendor NXG
Displacement (cc) 97.2
Max Power (ps) 7.7
Max Torque (Nm) 7.5
Power to weight ratio 70.64
Injected/Carburetted Carburetted
Gears 4
Front Tyres 2.75×18″
Rear Tyres 2.75×18″
Front Brakes 130 Drum
Rear Brakes 110 Drum
Performance
Acceleration 0-60kmph (sec) 8.6
Acceleration 0-100kmph (sec)
Acceleration 0-400m (sec) 22.9
Top Speed (kmph) 90.1
Braking 60 kmph (meters) 23.5
Fuel Efficiency
Fuel Efficiency 72 kmpl
Fuel Tank 10.3 ltrs
Range in km 741.6 km
Dimensions
Length 1970
Width 720
Height 1040
Wheelbase 1230
Ground Clearance 159
Kerb Weight 109
Storage Space No
Features
Warranty (years/km) 2 Years
Tachometer No
Electric Start No
Digital Speedometer No
Odometer No
Mileage Indicator No
Fuel Gauge Yes
Tripmeter No
Projector headlamps No
LED Tail lamps No
Backlit Switchgear No
Alloy Wheels Yes
Swingarm Rect/Tubular Tubular
Tubeless Tyres No
Clip-on Handlebars No
Gas Charged Shock absorbers No

මේක ගත්තට පස්සේත් මම තනි අතින් පොඩි වැඩක් දාන්න ගිහිල්ලා බයික් එක වැටුනා :oops: ඉස්සරහ පොඩ්ඩක් හීරුනා. වස් දොස් යන්න ඒක හොදයිනේ.. දැන් මගේ බයික් එකට වයස අවුරුදු භාගයයි. තාම පොඩියි. ඔයගොල්ලො කවුරු හරි ඉතින් ඔය 100cc බයික් එකක් ගන්න යනවනම් මේ බයික් එක ගැනත් හොයල බලන්න. හොද බයික් එකක්. මම ගත්තේ නම් රුපියල් 130000/= කට. වැට් එක්ක.

හැබයි හැටට හැටේ එහෙම යන්න ගියොත් පොඩි අවුලක් තියනවා. බයික් එකේ වේගේ 60-70 විතර වෙනකොට පොඩි ගැස්සීමකට ලක් වෙනවා. ඉතින් මේවා මේ 100cc බයික් නේ. වේගේ ඕන නම්,හරි දුර ගමන් යන්න හරි මේ වගේ බයික් එකක් ගන්න එපා. 125cc වලින් උඩ බයික් එකක් වත් ඒකට ගන්න. හැබයි පුතෝ බයික් ගත්තට කමක් නෑ… බයික් පැද්දට කමක් නෑ…මැරෙන් නැතුව. මොනව හරි උනොත්, අපි නම් කමක් නෑ කියල කියමුකෝ ….ගෙදර අය තමා අන්තිමට දුක විදින්නේ. ඒ හින්දා ඕන වැඩ කැල්ලක් බයික් වලින් දන්න.. හැබයි..පරිස්සමෙන්….

August 11, 2009 - Posted by panhida | අන්තර්ජාලය, අපේ දේ, ගැජැට්, රස කතා, වාහන | | 6 Comments

6 Comments »

  1. @ ප්‍රදීප්
    මේක මේ දැන්වීමක් නෙවේ..මේ වගේ දැන්වීම දානවද…???

    @ පිස්සා
    ඔව් ඔව්…පරිස්සම තමා ඇගට හුරු…

    @ තිලින
    150 යක් කිව්වහම ඉතින් කුරුල්ලා වගේ යන්න පුලුවන්. ඕකේ වේගේ දැනෙන්නේ නෑනේ…කෝකටත් හෙමින් ගමන තමා හොද…

    Comment by panhida | August 12, 2009 | Reply

  2. දැන්වීමක් ප්‍රචාරය කරන්න කීයක් ගන්නවද?

    Comment by ප්‍රදීප් ලසන්ත | August 11, 2009 | Reply

  3. පරිස්සමින් යන්න මලේ….

    Comment by පිස්සා | August 11, 2009 | Reply

  4. මමත් බයික් පිස්සෙක්. මට නං තියෙන්නේ Pulsar 150 digital එකක්. දැන් අවු 2 ක් විතර වෙනවා. මම නං හරිම හිමීට තමයි යන්නේ නිකං මොකටද අත පය කඩා ගන්නේ..?

    Comment by Thilina | August 11, 2009 | Reply

  5. mamath bike ekak gaththa. yamaha gladiator 125cc. niyama bike eka. den aran awuruddak wenawa. kisima ledak neha. Dambulla- trincomalee 1.45hrs walin enna puluwan. petrol 55-60 weda kranawa. gannawanam bike eka…

    Comment by Prabhath | August 11, 2009 | Reply

    • Yamaha Gladiator 125ccඑකත් නියම බයික් එකක්…55-60 වැඩ කියන්නේ එළනේ…

      Comment by panhida | August 11, 2009 | Reply


Leave a comment