පන්හිද

නොදුටු ලොව දකින්නට…….

අම්මේ ගෙදර යමු නේද….?

ඔන්න අද අහම්බෙන් වගේ මට අවස්ථාවක් ලැබුනා පින් කටයුත්තකට සහභාගී වෙන්න.  විභාගේ කටේ ඉදගෙන උනත් පින් අතේ වැඩක් නිසා මම පස්ස ගහන්නේ නැතුව ඒ වැඩේට ගියා :) .  වැඩේ තමයි වැඩිහිටි නිවාසයකට දනයක් දීම.  මේ අවස්ථාව මට වැදගත් උනේ මම මීට කලින් මේ වගේ වැඩිහිටි නිවාසයක දානයක් සදහා සහභාගී වෙලා නැති නිසා.  නමුත් අහම්බෙන් හරි මේ අවස්ථාව මට ලැබීම  නව අත්දැකීමක් ලබා දුන්නා.  ස්ථානය වුනේ රඹුක්කන නගරය කිට්ටුව තිබෙන “අශෝක වැඩිහිටි “නිවාසය.  මම තව මගේ නෑදෑ වන අක්කා කෙනෙකු සමග වැඩිහිටි නිවාසයට ගියේ උදෑසන 10 ට පමන.  අපිට භාර වී තිබුනේ දවල් දානයයි.  පැරණි නිවසක පිහිටා තිබෙන මෙම වැඩිහිටි නිවාසය තුල අපේම අම්මලා හා අපේම තාත්තලා වගේ ඉන්න අම්මලා හා තාත්තලා 25 පමන සිටිනවා.  නමුත් හේතුවකට හෝ අහේතුවකට ඔවුන් මෙහි කල් ගෙවන්නේ තමන්ගේ දයාබර දරුවන්, නෑදෑවරුන් ගෙන් ඈත්වයි.  දරුවන්, නෑදෑයන් ඉන්නවනම් මොනවටද මේ වැඩිහිටි නිවාසයකට ඇවිත් ඉන්නේ.

Read more »

August 4, 2009 Posted by panhida | අපේ දේ, තර්ජන, සම්ප්‍රදායන් | | 2 Comments