නැගිටින්න….පරාජයේ අදුරු සෙවනැලි මතින්…..
ලෝකේ විව්ධාකාර මිනිසුන් ඉන්නවා. ඒකනේ අපි කියන්නේ ලෝකේ ගෝලාකාරයි..මිනිසුන් විවිධාකාරයි කියලා . මේ විවිධ මිනිසුන් දිහා බලපුවහම සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන යන හා සමහරක් දෙනා ඉන්නවා පරාජය හමුවේ පැන නොයන. ඉතින් මේ දෙගොල්ලන් අතරින් ජිවිතයේ ඉදිරියට යන්නේ පරාජය හමුවේ පැන නොයන මිනිසුන්…මේ ගැන කතාකරන කොට අපිට කතා නොකරම බැරී චරිතයක් ඉතිහාසයෙන් හමුවෙනවා. ඒ තමයි ඒබ්‍රහම් ලින්කන්. පරාජය යන්න ඔහුගේ ජීවිතයේ මුල්භාගය තුලදී කැපිපෙනෙන දෙයක් බවට පත්වී තිබුනා. දිගින් දිගටම ඔහු ජිවිතයේ සරදමට ලක් වුන බව පහල දත්ත දිහා බලපුවහම ඔබට තේරේවී.

1. 1831 දී ඔහුගේ ව්‍යාපාර කටයුතු අසාරථක වුනා.
2. 1834 දී ව්‍යවස්තාදායකයට තරග කොට පරාජ වුනා.
3. 1834 දී නැවත ඔහුගේ ව්‍යාපාර බිද වැටුනා.
4. 1838 දී කථානායක තනතුරට තරග කොට පරාජය වුනා.
5. 1843 දී කොන්ග්‍රසයට තරග කොට පරාජය වුනා.
6. 1846 දී නැවත කොන්ග්‍රසයට තරග කොට පරාජය වුනා.
7. 1849 දී ඉඩම් නිලධාරී තනතුරට තරග කොට පරාජය වුනා.
8. 1855 දී සෙනට මන්ත්‍රී තරගයෙන් පරාජය වුනා.
9. 1856 දී ඔහු ඉදිරිපත් කල උපජනාධ්පති නාම යෝජනාව ප්‍රතික්ෂේප වුනා.
10. 1856 දී යලිත් සෙනට් මන්ත්‍රී තරගයෙන් පරාජය වුනා.
11. 1860 දී මුලු මහත් ඇමරිකාවේම් ජනාධ්පහි වෙමින් ලොව බලගතුම නිලයට පත් වුනා.
අවසානයේදී ඔහුට සරදම් කල දිවියට ඔහු සරදම් කරන්නට පටන් ගත්තා. මිහිපිට තිබෙන බලවත් නිලයට ඔහු පත්වුනා. මේ සදහා ඔහු කළ කැපැවීම් අනන්තයි…පරාජය හමුවේ නොසැලුනු ඔහු අවසානයේදී පරාජය පරාජය කරනු ලැබුවා. බොහෝ විට අපි කතා කරනු ලබන්නේ අපි ජිවිතය තුල ලබා තිබෙන ජයග්‍රහන පිලිබදව පමනි. අපගේ පරාජයන් ගැන සිතීම පවා අපිට කටුක දෙයක්. ජයග්‍රහනයේ එක් බාධාවක් වන්නේ එයයි. පරාජය තුලින් ඉගෙන ගත හැකි දේ බොහෝය. එම දේ සමහර විටෙක ඔබ නැවත කිසිදා පරාජයට පත් කිරීමට ඉඩ නොදෙනු ඇත. ඔබ උපතින්ම ජයග්‍රාහකයෙකු නොවේ..ඔබ ජයග්‍රාහකයෙකු ලෙස ගොඩ නැගිය යුතුය. ඉතින් අලු මතින් නැගිටුනු ෆිනික්ස් කුරුල්ලෙකු සේ…පරාජයේ අදුරු සෙවනැලි මතින් ජය පැන් බොන්නට ඔබටත් හැකිවේවා….!!!
පරාජය හමුවේ පැන යන අය කවදාවත් නොදිනන අතර….දිනන අය කවදාවත් පැන නොයති….
-ඒබ්‍රහම් ලින්කන්-






හොඳ ලිපියක්! Failures are the pilers of success කියලා සුද්දා කියලා තියෙනවනෙ. අපි වැටෙන්න වැටෙන්න තමයි අපිට ඕනෙම වැටීමකින් නැගිටින්න ශක්තිය ලැබෙන්නෙ. මගේ ජීවිතෙත් මට ජයගන්න පුළුවන් උනේ, ජීවිතේ යම් කාල වලදි සිදුවුනු වැටීම් වලින් ලැබුණු පන්නරය නිසයි කියලයි මට හිතෙන්නෙ.
අපි අපි ලබන පරාජයන් වලින් අත්දෑකීම් ගන්නවනම් දිනන්න අමාරු නෑ…
ඔන්න බලන්නකො වෑඩේ හෑටි/…අපේ …………තුමටත් උත්සහා කලොත් ඔන්න අවස්තාව..