පන්හිද

නොදුටු ලොව දකින්නට…….

මාලක මලනුවනි…ඔබට නිවන් සුව…………….

ජිවිතය තණ අග රැදි පිනි බිදුවක් වැනිය…කාටත් හොරෙන් නොසිතූ මොහොතක, සියල්ලන් හඩවා, නැවත නොපැමිනෙන්නට ජීවිතය යන්නේ සියලු බැමි බිදිමිනි…ඇතැමි විට මෙසේ අහිමි වන්නේ සමාජයට, රටට, අත්‍යවශය මිනිසුන්ය. සමාජයට පිළල බදු මිනිසුන් සමාජයට ඉතිරි කරමින් සමාජයට වැඩදායක මිනිසුන් සමාජයෙන් වෙන් වීම අපගේ අවාසනාවයි…මෙය සැබැවින්ම සරදමකි…රටටම මහත් හිසරදයක් වූ ඩෙංගු මාරයාගේ ගොදුරක් බවට පත්වූ මාලක ප්‍රසාද් පත්මසිරි මලනුවනි, ඔබගේ මේ අකල් නික්මන බොහෝ දෙනා හඩවන්නේ ඔබ සැබැ මිනිසකු වූ නිසාවෙනි…වසර අටක් රණබිම රාජකීය විදු පියසේ අකුරු කරමින්, සිනාමුසු මුහුනින් අප හා දොඩමලු වූ ඔබ ඉගෙනුම හා සමානව බාහිර ක්‍රියාකාරකමේද හපනෙකු වූයේය. ඉන් අනතුරුව n1475පේරාදෙනිය විදු පියසේ ඉංජිනේරූ පීඨයට ඇතුලත්වෙමින් එහි ඉගෙනුම ලැබීමට ඔබ සමත් වුවත් සියල්ලන් හඩවා ඔබ වෙන්වී යාම ඔබගේ දයාබර සිනහව, සෙනෙහෙබර කතාව රස විදි සැමගේම අවාසනාවකි. ඉතින් මෙවන් විපතක් සසර සැරිසරන තුරාවට ඔබට අත් නොවේවා… මෙය ඔබ වැනි සහෘදයකුගේ ආශ්‍රය ලැබීමට භාග්‍ය ලැබූ සැමගේ සිත් තුල තිබෙන පැතුමයි… මල්ලී ඔබට නිවන් සුව…………….

July 13, 2009 - Posted by panhida | අපේ දේ, පේරා Campus, වෙනත් | | 4 Comments

4 Comments »

  1. පව් අප්පා….
    නිවන් සුව ලැබේවා මලයෝ !!!!

    Comment by පිස්සා | July 15, 2009 | Reply

  2. ඕක ඔය මලයගේ නෙමෙයි අපේ අවාසනාව… රටට වැඩක් ඇති මිනිස්සු අඩුවෙන එක. ඔහුට නිවන් සුව…!!!

    Comment by කුෂාන් ඇස්. වන්නිආරච්චි | July 15, 2009 | Reply

  3. අපේ මළයගේ යාලුවෝ මේ ගැන බොහොම දුකින් කතා කලා මතකයි..ඔබට නිවන් සැප මිතුරාණෙනි

    Comment by deeps | July 14, 2009 | Reply

  4. “පන නම් තන අග පිණි බිඳු වැන්නේ “. . . කියනවානේ සහෝ . . . සසර සරන තුරු ඔහුට යලිත් මෙවන් අකල් මරනයක් හිමි නොවේවා කියා මාත් පතනවා . . . !

    Comment by දුකා | July 14, 2009 | Reply


Leave a comment