පන්හිද

නොදුටු ලොව දකින්නට…….

යාලුවාගේ ඇප බැදිල්ල…..

මීට මාස දෙකකට පමන කලින් මගේ මිතුරෙක් බයිසිකල් අනතුරකට මුහුණ දුන්නා :(   අනතුරට මුහුන දුන්නේ නොසැලිකිලිමත් ලෙස ධාවනය කරන ලද ත්‍රීවීල් රථයක් නිසා. ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන ලද මාගේ මිතුරාගේ බයිසිකලය හා අතුරු මගකින් පැමිනි ත්‍රීවීල් රථයක් ගැටුනා. අනතුරෙන් මිතුරාට සුලු තුවාල සිදුවූයේ වාසනාවකට මෙන්. නමුත් බයිසිකල යලි පැදවිය නොහැකි සේ හානි වී තිබුනා. ත්‍රිවීල් රථයටද යම් තාක් දුරට හානි වී තිබුනා. මෙහිදී සමිපුර්ණ වැරද්ද තිබුනේ ත්‍රීවීල් රියදුරාට වුවද මිතුරාගේ බයිසිකලයේ වේගය සාමාන්‍ය වූවා නම් මෙයින් බේරීමට ඉඩ තිබුනා.

මෙහිදී ත්‍රිවීල් රියදුරාගේ අදහස වූයේ තම තමන්ගේ පාඩුව තමතමන්ම විද දරා ගත යුතු බවයි :P   මෙය අසාධාරණ වන බැවින් මිතුරා පොලිසියේ පිහිට පැතුවා. ඔහු මාගේ තවත් මිතුරෙකු සමග පොලිසියට ගොස් නියමිත ලෙස පැමිණිලි කරනු ලැබුවා. [මෙහිදී මම මින් ඉදිරියට වන සිදුවීම් කීමට ඔවුන් දෙදෙනාගේ නම් වරුන හා ප්‍රවින් ලෙස හදුන්වනවා. නම දෙකම මනංකල්පිත නම්]. මෙහිදි ත්‍රීවිල් රථය හා බයික් එක යන වාහන දෙකම පොලිස් භාරයට ගනු ලැබුවා. නමුත් පොලිසීයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණත්වය පෙන්නුම් කරමින් ත්‍රීවිල් රථය හවස් වන විට නිදහස් කර තිබුනා. (මොණර පිහාටුවක් දුටු සැනින් නීතිය සුරකින්නන් අන්ධ වීම සැබැවින්ම ඛේදජනකයක්. එය සමස්ත සමාජයම අවිනිශ්චිත භාවයට පත් කරනු ලබනවා). වෙන කළ හැකි දෙයක් නොහැකි නිසා මිතුරා තම බයිසිකලයද ගැරේජ් එකක් වෙත දක්කන් ගියා :roll:

කෙසේ වෙතත් මෙම සිද්ධිය අදිකරණයේ ක්‍රියාවට යොමු කර තිබූ බැවින් වරුන හා ප්‍රවීන් අදාල දිනයේ උසාවියට ගියා. මෙහිදී වරුන විසින් නඩුවට අදාල ලෙස තමා ගෙවිය යුතු දඩ මුදල ගෙවීමට ප්‍රවින් හට මුදල් ලබා දී තිබුනා. මෙහිදී උසාවියේ බොහෝ පිරිසක් සිටි අතර ප්‍රවීන් තම මිතුරාගේ නඩුව කැදවන තෙක් බලා සිටියා. නමුත් සිදුවූයේ හාත් පසින්ම වෙනත් දෙයක්.  දිනයට අදාල නඩු සියල්ල අවසන් වන තුරු ඔහු සිටියා. නමුත් අදාල නඩුව කැදවූයේ නැ…නඩු ශාලාවෙන් නික්ම යන අයත් සමග එලියට පැමිනි ප්‍රවින් එහි සිටි පොලිස් නිලධාරින්ගෙන් රථවාහන නඩු පිලිබදව විමසා සිටිය අතර ඔවුන් කියා සිටියේ දිනය නියමිත නඩු සියල්ල අවසන් කියාය. උසාවියෙන් පිටතට පැමිනි ප්‍රවීන් ,වරුනට දුරකථනයෙන් කතාකිරීමට උත්සහ කල අතර මීට ප්‍රතිචාරයක් ලැබුනේ නැ.කිරීමට වෙන දෙයක් නොතිබූ නිසා ප්‍රවීන් ගෙදර ආවා….

බලද්දී වෙලා තියෙන්නේ වෙන දෙයක්. වරුනගේ නඩුව කැදවා තිබූ අතර ඔහු කූඩුවට නැගීමට පෙර නීතිඥවරයා වරද පිලිගන්නා බව පැවසූ නිසා   රුපියල් 4000/= ක දඩයක් ගසා තිබෙනවා. අනතුරුව වරුන ඔහුගේ දඩ මුදල ගෙවන තෙක් රිමාන්ඩ් භාරයේ රදවා තිබෙනවා.  ත්‍රීවිල් රථයේ රියදුරාට රුපියල් 7000/= දඩයක් ගසා තිබෙන අතර ඔහුත් කූඩුවට නැගීමට පෙර ඔහුගේ නීතිඥවරයා වරද පිලිගන්නා බව පැවසූ නිසා දඩ මුදල ගෙවන තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා. රියදුරාට දඩ ගසා තිබෙන්නේ අනතුරක් කල නිසා වන අතර මාගේ මිතුරාට දඩ ගසා තිබෙන්නේ අන්තුර වලක්වා ගැනීමට උත්සහ නොකල නිසාය :D

මෙහිදී කිසිවෙක් කූඩුවට නැංගේ නැති නිසා ප්‍රවින් නඩුව කැදවූ බවක් දන්නේ නැ…එයා ඉදලා තියෙන්නේ වෙනම මනෝ ලෝකෙක….   :lol: මීට පස්සේ කතාවේ හොදම හරිය තියෙන්නේ.

කොහොමහරි වරුන උදේ ඉදලා පැය පහක් විතර රිමාන්ඩ් එකේ ඉදලා… ඇයි යකෝ දඩේ ගෙවන්න කියල සල්ලි දුන්න මිනිහා තාම දඩේ ගෙවල නෑ…දඩේ ගෙවන්න එපාය එලියට එන්න. ත්‍රීවිල් පොර දඩේ ගෙවල ගිහින්… වරුන යකඩ කූරු ගනන් කර කර ඉදලා ඉදලා වාසනාවකට වගේ යන්තම් දන්න කෙනෙක් හම්බෙලා, එයාට කියලා ඇපේ බැදලා නිදහස් වෙලා ඇවිල්ලා…

ප්‍රවීන් ගෙදර ගියපු ගමන් එයාගේ ගෙදර ෆොන් එකට එනව කෝල් එකක් වරුනගෙන්…

වරුන:- කොහෙද යකෝ උබ ඉන්නේ….???%$^%&^&??><>:>

ප්‍රවීන්:-උබ කොහෙද ඉන්නේ..මම බලල බලල පැය ගානක කට්ටක් කාල් උබ නැති හින්දා ගෙදර ආවා….   :D

වරුන:-………………………………………

එතනින් පස්සේ වෙච්ච කතාබහ කියන්න ඕනේ නැනේ… ඉතින් ප්‍රවීන් ඉන්න වෙලාවක අපි සෙට් උනහම උසාවියේ රසකතාව ආපහු රසවිදිනවා….  :D

July 5, 2009 - Posted by panhida | අපේ දේ, රස කතා | | 5 Comments

5 Comments »

  1. හපොයි මේවා ගැන නම් කථා කරන්නත් ලැජ්ජයි.මටත් ඔය වගේ වැඩක් වුනා මාතෘකාවට අදාල නිසා කෙටියෙන් කියන්නම්.
    පලමු සිදුවිම
    මම බයික් එකේ යද්දි බිපු ත්‍රිවිල්කාරයෙක් ඇවිත් හැප්පුවා.මම බේරැනේ පෙර පිනකට.පොළිසියට ගිහාම දෙන්නම පැමිණිල්ල ලියාගෙන දෙන්නම ඒ වෙලාවෙම ගෙදර එව්වා.
    දෙවන සිදුවිම
    මම බිලා බයික් එකේ යද්දි පොලිසියට අහුවුනා.(මගේ අතින් කිසිම අනතුරක් වෙලා නෙවෙයි)හැබැයි මට බැළුම් පුම්බලා එදා මුළු රැම පොලිසියේ මාව තියා ගෙන නඩුදාලා අවුරැද්දක් රියදුරැ බලපත්‍රය තහනම් කරලා රැපියල් 10000 ක දඩයකුත් ගැහුවා.
    මේක තමයි නිතියේ සාධාරණත්වය.මමත් අහුවුන වෙලාවේ පොඩ්ඩක් අත දිගඇරලා වියදම් කරානම් මේ මොකුත් නැහැ.

    Comment by සසික නානායක්කාර | July 9, 2009 | Reply

    • ලංකාවේ පොලිසියේ අන්න්‍යතාවය ඕකයි… විවිධ වෙලාවට නිතියේ සාදාරණත්වය පුද්ගලයා අනුව වෙනස් කිරීම..

      Comment by panhida | July 10, 2009 | Reply

  2. ඕවා ගැන නම් කථා කරලා වැඩක් නැහැ. අපේ ගෙදරට දවසක් හොරු පැනලා. සැකකාරයාව කියපු නිසා හොරාව ඇල්ලුවා. පස්සේ බලද්දි ගෙදර බඩු ටික පොලිසියේ හොරු ටික එළියේ. නඩුව ඉවර වෙනකන් බඩු ටික දෙන්න බැහැ කිව්වා.

    Comment by chamila | July 7, 2009 | Reply

  3. අනේ මම නං නෙමේ !

    Comment by ප්‍රවීන් ඉන්ද්‍රනාම | July 5, 2009 | Reply

    • ඔයා නෙවේ….නම් ටික මංනකල්පිතයි.. :D

      Comment by panhida | July 6, 2009 | Reply


Leave a comment