අලුත්ම විනෝදාංශය- සිම් එකතු කිරිල්ල….
එක්සැම් වලට පස්සේ ඉතින් පොඩි නිවාඩුවක් හම්බවුනා. දවස් දෙක තුනක් එහෙ මෙහෙ රවුම් ගහල අද අයෙත් යාලුවො ටිකත් එක්ක ෆැකල්ටිය පැත්තේ එහෙම ගියා. ඕන්න එතකොට තමයි ආරංචිය ආවේ. කට්ටිය එක්ක කොමන් එකේ පොඩි කතාවත් දාගෙන ඉන්න කොට යාලුවෙක් ඇවිල්ල කිව්වා “අන්න බං WUS ( මෙය විශ්වවිද්‍යාල හා ෆැකල්ටි අතර සිටින සිසුන් අතර සුහදත්වය වැඩි කර ගැනීමට එකතුවෙන තැනක්)… එකේ AIRTEL සිම් දෙනවා…ගොඩක් 50 යි….තව පන්සිය ගානක රිලෝඩ් එක්ක…”
හැබැයි ගොඩට වැටෙන්නේ සිම් 3 නයි. බලද්දි නරකමත් නැනේ. කට්ටියම තව ටිකක් වෙන කයිවාරුත් ගහලා WUS පැත්තට යන්න නැගිට්ටා. ”ඔය සිම් ටික ඇරගෙන කතාකරල විසික් කරත් කමක් නැනේ…” කිය කිය අපි ටික ගියා WUS එකට.
යද්දි මෙන්න බොලේ පොඩ්ඩක් එතන තදබද වැඩියි. කට්ටිය තමන්ට ගැලැපෙන නම්බර් තෝරනවා. සමහර කට්ටිය එක ලග නම්බර් යන සිම් හොයනවා. ඇයි සිම් තුනක් ගන්න පුලුවන්නේ. සමහර අයගේ දෑත බදලා සිම් කවර පුරවල…යාලුවොන්ටත් එක්ක වෙන්නැති. සමහර අය හිනාවෙනවා
(සතුට වැඩි කමටද කොහෙදෝ). සමහර අය උඩ බිම බලනව…ගන්නවද නැද්ද කියල…සමහර අයට මේක මේ ෂුවරුත් නැ වගේ…ඇයි මේ හරියට පරන ස්ටොක් අයින් කරන්න සේල් දැම්ම වගේනේ
අපි කරපු වැඩේ…..හිත හිත ඉන්න හොද නෑ….නිකන් දෙන දෙමළ පත්තෙරෙත් මොකද කියලා ගිහින් ID එකේ කොපි තුනක් ඇරගෙන ඇවිල්ලා තෝරල බැලුවා සිම් තුනක් එතන තියෙන පෙට්ටියෙන්….
කනාවට මට හම්බවුනා එක ලග යන නම්බර්ස් තුනක්…වැඩේ ගොඩ. අනිත් යාලුවොත් ගත්තා ඕන විදිහට…………දැන් යන්නේ අන්තිම සිම් 20 වගේ…..තව යාලුවෙක් ආවා….පොඩ්ඩක් ඔලුව දැම්ම….”ID එකේ කොපි ගහන් එද්දි මේ ටික ඉවරයි”….සිම් තුනක් තෝරගෙන ID කොපි ටික ගන්න ගියා…ඒකත් මාර මීටරේ තමා
හැබයි ඉතින් ඇක්ටිව් වැඩේ තමා අවුල…එතන ඉන්න අය නොකා නොබී වැඩ…අපිට පැය 2 විතර එන්න කිවා. ආයෙත් රවුමක් ගහල ආවා. ඇවිල්ල පොඩ්ඩක් මූන දාලා බැලුවා…ඇක්ටිව් කරලද….මොන…..උදේම දුන්න අයගේ ඕඩර්ස් ටික තමා දැන් යන්නේ….අපේ එව්ව රෑ වෙලා තමා ගන්න වෙන්නේ මෙහෙම ගියොත්
හැබැයි රුපියල් 50 දෙන්නේ අන්තිමට. ඒ හින්දා බොරු කරන්න බැ…ඉතින් එතන ඉන්න අයට හරිම බිසී…phone එකේ බැටරිය ගලවනවා…සිම් එකක් දානවා….කෝල් එකක් ගන්නවා……”හරිද…….” එහෙන් “හරි” කියනවා… එත්කොට වැඩේ ගොඩ…සිම් එකක් ඇක්ටිව්…
ඔහොම බැටරි ගලවනවා….සිම් දානවා….කෝල් කරනවා…වැඩ ගොඩයි….උදේ ගත්ත අයගේ සිම් තාම ඇක්ටිව් වෙලා නෑ….බලාගෙන ඉදලා බැරිම තැන එක්කෙනෙක් තමන්ගේ සිම් එක ඇක්ටිව් කර ගන්න එක තමන්ම කරගන්ට කියලා සිම් එක එයාගෙම phone එකට දාගත්තා…”මට එහේ නම්බර් එක දෙන්නකෝ…”කියලා ඉල්ලුවා Airtel එකේ නම්බර් එකක්. එතන හිටපු කෙනා දුන්න නම්බර් එක….”යකො මේ ඩයලොග් නම්බර් එකක් නේ….Airtel අයත් පාවිච්චි කරන්නේ වෙන ඒවද…චාටර්නේ….”කට්ටියටම හිනා
එතන හිටපු Airtel අයියත් පොඩි හිනාවක් දාලා ෂේප් උනා.
අපිට තේරුනා අද මේව්වා ඇක්ටිව් කර ගන්න වෙන් නෑ කියලා. හෙටත් කට්ටිය එනවනේ. හෙට සිම් ටික ගමු කියලා අපි එන්න ලැස්ති වුනා….සිම් දාපු රතු පාට කවර එක එක විදිහට ගොඩ ගහලා…දුකේ බෑ…..
බලන් ගියහම අපට යුගයට ගැලපෙන අලුත් විනෝදාශයක් පටන් ගන්න පුලුවන්…ඒ තමා සිම් එකතු කිරිල්ල….සිම් එකතු කරලා ගිනස් පොතට යන්නත් පුලුවන් වේවි…..ඔන්න දැන් මාත් පටන් ගත්තා මේ විනෝදාංශය….පරණ කාලේ සිම් තිබුනොත් මටත් කියන්න හොදේ….මම ගාව තියෙන්නේ ලගදි ගහපු සිම් විතරයි






වාතටෙල් විතරක් නෙමෙයි මේ දවස් වල ඩයලොග්, මොබිටෙල් සිම් එහෙම නිකන් දෙනවා පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක ළඟ. ඩයලොග් නම් රු. 75 ක රීලෝඩ් එකකුත් එක්ක දෙන්නේ. මමත් දෙකක් ම ගත්තා. හැබැයි තාම කථා කළේ නම් නැහැ
අම්මො මම ලගත් ඔය හැම ජාතියම තියෙනවා.මේකත් මරැ විනෝදාංශය කරනව නම් මුද්දර එකතු කරනවා වගේ.
දැන් යුද්දේ නැත්තේ හොඳ වෙලාවට, නැත්තං ඉතිං ඒකම IDකට SIM මෙච්චර අරං ඇයි කියලා!
අනේ එයා ටෙල් ෂෝයි.. දවසක් මමත් ටවුන් එකේ යද්දි සිම් දෙනවා.. එදා ඇත්තටම හතේ හත වැදිලා ඩයලොග් එක රීලෝඩ් කරන්න වත් සල්ලි තිබ්බේ නෑ.. රිම් එකත් ගෙවිලා..:( පටාස් ගාලා ගත්තා හුළංකථාවක් 250ක රීලෝඩ් එකකුත් ආවා එකෙන් සතිය ෂේප්… ඊට පස්සේ සතයක් වත් හුළගට දුන්නේ නෑ.. දැන් නම් ඇක්ටිවුත් නැද්ද කොහෙද
හික් හික්… අපෙත් දුන්න , මම නම් ගත්තෙ නෑ චාටර් නිසාම
hik hik..rasawath lipiyak…
වූස් එකේ සිම් දෙනවද දැන් ??? හෙට මම යන්න කියල ෆැකල්ටිය පැත්තෙ. බලමු මටත් එයාටෙල් වාසනාව පෑදෙයිද කියල?
ආය…සිම් වලට මාර ඉල්ලුමක් තියෙන්නේ…ඉක්මන් කරන්න…තොග සීමිතයි…