අපේ අම්මලා තාත්තලා, අපේ වැඩිහිටියෝ එහෙම පොඩි කාලේ සමහර වෙලාවට අපිට බනිනවා “මේකට මොලේ කළදක්වත් නෑනේ කියලා”
. වැඩේ තියෙන්නේ සමහර අයට නම් පොඩි කාලේ විතරක් නෙවයි ලොකුවුනාමත් එහෙම කියන එක
ඔය විදිහට කියල බනින වෙලාවක ඔයගොල්ලන්ටත් හිතුනොත් ඇත්තටම මම මහ බූරුවෙක්, මොළයක් නැති වැඩක් තමා කරල තියෙන්නේ කියල…මම නම් කියන්නේ කණගාටුවෙන්න එපා..පසුතැවෙන්න එපා..මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බැනේ
හැබැයි ආය ඒ වගේ දෙයක් නම් වෙන්න ඉඩ තියන්න එපා.. කර ගත්ත දෙයින් දෙයක් ඉගනගන්න. මොකද වැරදීම් වලින් අපි හරියට ඉගනගත්තොත් ඒ වැරදීම් වලට අපිව ආය පරාජය කරන්න අමාරුයි.
මට ඉතින් ඔහොම දෙයක් කියන්න මතක් වුනේ අපේ මතක් ශක්තිය, සිතීමේ වේගය, ප්‍රතික්‍රියාදැක්වීමේ කාලය,අවධානය ආදී කරුනු වර්ධනය කර ගන්න උදව් වෙන පොඩි games වගයක් අන්තර්ජාලයේ දැක්ක නිසයි. ඔයගොල්ලෝත් පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්න.මොකද සමහර අපි වැඩක් නැ කියල හිතන සමහර දේ වලින් වැඩක් තියන දේවල් හුගක් අපේ ජීවිතයට එකතු කර ගන්න පුලුවන් හින්දා…
මේ ටික Discovery web එකේ තිබුන ටිකක්











